Posts

තිරසර සංවර්ධන මාවත

Image
මානව සංහතිය, උග්‍ර වෙමින් පවතින්නා වූ භයංකර අර්බුදයකට මුහුණ පා සිටී. ඒ අර්බුදය හමුවේ පවත්නා සැබෑ සහ මූලික අභියෝගය වන්නේ, ආර්ථික සංවර්ධනය හා පාරිසරික තිරසර භාවය මනාව සංයෝජනය කරමින් මිනිසා විසින් ම ඇති කරන ලද කාලගුණික විපර්යාසයන්ගේ අහිතකර ප්‍රවණතා සංසිඳුවන්නේ කෙසේ ද යන්න පදනම් කරගත් තිරසර සංවර්ධන මාවතට පිවිසීම යි. පොසිල ඉන්ධන භාවිතය හා වැඩි දියුණු කරන ලද අභිජනන ක්‍රම ශිල්ප ඇසුරින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම වැනි අතීත තාක්ෂණික සංවර්ධනයන් මඟින් අපගේ ජීවන තත්වයන් උසස් වූවා සේම ඉන් පරිසරය මත ඇති කළ අනපේක්ෂිත මෙන් ම අනවශ්‍ය අතුරු ප්‍රතිඵල රාශියකි. කිසිදු තාක්ෂණික විසඳුමක් සර්ව සම්පූර්ණ නොවන අතර ඒ හේතුව නිසා උසස් තාක්ෂණයන්ගේ ප්‍රතිඵල අත් හැර දමනවා වෙනුවට ඉන් හට ගන්නා අනපේක්ෂිත ප්‍රතිඵලයන්ට අනු ව හැඩ ගැසීමට හා ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අප උගත යුතු ය. ක්ලෝරො ‍‍ෆ්ලොරො කාබන් (CFC) භාවිතය මඟින් ඕසෝන වියන මත ඇති වන බලපෑම සොයා ගත් විද්‍යාඥයන් තිදෙනා අතරින් එක් අයකු වන නොබෙල් ත්‍යාග සම්මානිත පෝල් ක්‍රැට්සන්, පෘථිවි ඉතිහාසය තුළ වර්තමාන යුගය හැඳින්වීම සඳහා 'ඇන්ත්‍රොපොසීන' යන යෙදුම භාවිතා ක